සිසුන් යනු අප අනාගතයයි. අනාගතය වර්ණවත් වීමටනම් දරුවන් හට හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් පෙන්වා දිය යුතුය. ඔවුන්ව දැනුමින් හා සාරධර්ම වලින් පෝෂණය කරන ගුරුවරයාද ඔවුනට ආදර්ශවත් චරිතයක් විය යුතුයි.
ගුරුවරයෙකු වන ඔබ ගුරුවරයා සතු ආචාර ධර්ම හා නීති පද්ධතිය පිළිබද දැන සිටියේද? ගුරුවරයා සතු ආචාර ධර්ම හොදින් පිළිඹිබු කිරීමට උත්සාහ ගත්විට ඔවුන් අනුගමනය කරන දරුවාද ගුරුවරයා සතු ආචාර ධර්ම තම ජීවිතයට එක් කර ගනී.